වික්ටර් අයිවන් [Sunday, June 16, 2013]
පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතයුතුයැ’යි කියා බෙරිහන් දෙන්නෝද මේ දේශපේ‍්‍රමීහුය. හරක් මස් විරෝධී ප‍්‍රතිපත්තියක් රටේ කිරිපට්ටි පාලනය කම්මුතු කිරීමට හේතුවන බව ඔවුන්ට නොපෙනෙන්නේය.
පව් නැති කුකුළු මස්
ගවපට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡුාව කුකුළු පාලනයෙන් ආරම්භකළ හැකිය. කුකුළන්ගෙන් සාකච්ඡුාව ආරම්භ කිරීම වැදගත්වන්නේ භේදයකින් තොරව සියලූ ජනවර්ගද, සියලූ ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලූ ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද, බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලූ ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය.කුකුළාද පණ ඇති ජීවියෙකි. කුකුළන් මරන ආකාරයද ලස්සන නැත. බෙල්ල කැපූ පසුද මැරෙන තෙක් කරන උගේ දැඟලිල්ල දකින කෙනකු තුළ මහත් සංවේගයක් ඇතිවිය හැකිය. කුකුළන් මරන ස්ථානවල වටාපිටාවද ඒ ස්ථාන පිරිසිදු කරන තෙක් අවලස්සනය. ඒ සියල්ල එසේ තිබියදීත් බෞද්ධයන්ද ඇතුළු ලංකාවේ සියලූ ආගම් අදහන්නෝ කුකුළු මස් ආහාරයට ගන්නෝය. සියලූ ආගම්වලට අයත් පූජකයෝද කුකුල් මස් ආහාරයට ගන්නෝය. වෙනත් කිසිම මසක් සේ ම කුකුළු මස්ද නොකන අය සිටිය හැකිමුත් ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නැත. අද ගම්බද අධිශීතකරණ යන්ත‍්‍ර ඇති පුංචි කඩවල පවා කුකුළු මස් විකුණන්නේය. කුකුළු බිත්තරද ලංකාවේ ජනප‍්‍රිය ආහාරයකි. බිත්තර හිඟ කාලවලදී අසහනයක් ඇතිවීම වළකනු පිණිස ආණ්ඩුව පිටරටවලින්ද බිත්තර ආනයනය කරන්නෙහිය.